Home » මෙහෙවර

ඉලක්ක

යහපාලනය ප්‍රවර්ධනය කිරීම  පුරවැසියන්  වශයෙන් අපට උපකාරී වේ. මෙහි සිටින ස්වේච්ඡයින් සමූහය සතුව සංඛ්‍යා ලේඛන, තොරතුරු තාක්ෂණය,  තොරතුරු දෘෂ්ඨිකල්පනය කිරීම හා සන්නිවේදනය ඇතුළු  දත්ත විද්‍යා ක්ෂේත්‍රයන් පිළිබඳ තීරණාත්මක දක්ෂතා තිබෙන හෙයින් මැතිවරණයට අදාලව විවිධ සංවිධානයන් විසින් දියත් කරනු ලැබ ඇති විවිධ  වැඩ කටයුතු සඳහා දායක වීමට අපි බලාපොරොත්තු වෙමු.  මෙය ආමන්ත්‍රණය කළ යුතුව ඇති ක්ෂේත්‍රයක් වුවද  ඒ සඳහා ප්‍රමාණවත්  තරම් ගැඹුරින් අවධානයක් යොමු වී නැති බව අපගේ හැඟීමයි.  විශේෂයෙන්ම අප ඒ ක්ෂේත්‍රය කෙරෙහි ආකර්ෂණය වුනේ ඡන්දදායකයින් ලියාපදිංචි කිරීම පිළිබඳව වංචා හා අඩුලුහුඬු කම් සිදු වෙතැයි අප තුළ ඇති සැකය නිසාය.

මෙම උදාහරණය  මගින්  දීර්ඝ කාලීනව පුරවැසියන්ගේ හා ප්‍රජාවන්ගේ වෙනත් අවශ්‍යතාවයන්ටද සහාය වීමට දත්ත විද්‍යාව යොදා ගැනීම ප්‍රවර්ධනය වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.   යොවුන් පරපුර මෙම කර්තව්‍යය ඉදිරියට ගෙන යනු ඇතැයිද අපි අපේක්ෂා කරමු.

අරමුණු

  • පහත. කරුණු පිළිබඳව ඡන්දදායකයින්ට තොරතුරු සැපයීම
    • මැතිවරණ ක්‍රියාවලියේ අභිරහස් භාවය නැති කිරීම
    • මැතිවරණ ප්‍රාගුණ්‍යයන් පිළිබඳ තොරතුරු සැපයීම
    • සැලැකිල්ල යොමු විය යුතු කරුණු හඳුනාගැනීම
  • සාධාරණ මැතිවරණ ප්‍රවර්ධනය කිරීම
    • වංචා සොයාගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම
    • මැතිවරණ ක්‍රමය තුළ සාධාරණත්වයට සහාය දීම
    • තොරතුරු මත පදනම් වෙමින් මැතිවරණ ප්‍රතිසංස්කරණයට සහාය වීම
    • මැතිවරණ පසුවිපරම් කරන කණඩායම් සමග සන්නිවේදනය කිරීම
  • පහත ඡන්දදායකයින් ලියාපදිංචි වීම හා ඡන්දය පාවිච්චි කිරීම උනන්දු කිරීම
    • ආන්තික කණඩායම්
    • අවතැන් වූවන්
    • ප්‍රවාසිකයින්

වටිනාකම්/වැඩ

  • විශ්ලේෂණය
    • විශ්වාසනීයත්වය
    • අපක්ෂපාතිත්වය
    • යහපත් භාවය
    • දත්ත විද්‍යාව අවශ්‍ය වන වැදගත් ප්‍රශ්න වලට අවධානය යොමු කිරීම
  • දායකත්වයන්
    • ස්වේච්ඡත්වය
    • අපට කළ හැකි දේ කිරීම
    • ක්‍රියා කිරීම තුළින් ඉගෙනීම
  • හොඳම තොරතුරු තාක්ෂණ ප්‍රාගුණ්‍යයන් මත පදනම් වෙමින්
    • තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ගොඩනැගීම
    • දත්ත ගබඩා
    • දෘෂ්‍ය සංනිවේදනය
  • දීර්ඝ කාලීන
    • විශ්වාසනීයත්වය පවත්වාගැනීම
    • අපක්ෂපාතිත්වය පවත්වාගැනීම
    • මැතිවරණයෙන් පසු පහල මට්ටමින් නඩත්තු කිරීම
    • ජන ජීවිතය සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ දායකයින්ගේ ජාලයක් ගොඩනැගීම
    • ආන්තික​ ජන කණ්ඩායම් වෙත ලඟා වීම සඳහා වාතාවරණයක් සකසා දීම
    • ඩයස්පෝරාවට, එතෙර සිටින ප්‍රවාසික සේවකයින්ට හා ශිෂ්‍යයින්ට සමීප වීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම
  • අනාගතයේදී සාමුහිකව වැඩ කිරීම සඳහා කටයුතු කිරීම
    • කණ්ඩායම ගොඩනැගීම සඳහා කාලය යෙදවීම

 

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

ඉදිකිරීම් යටතේ වෙබ් අඩවිය

WEBSITE UNDER CONSTRUCTION ඉදිකිරීම් යටතේ වෙබ් අඩවිය

Connect With Us

Visit Us On TwitterVisit Us On Facebook

Sign Up For Updates

Opinions

ලේඛනාගාරය

Skip to toolbar