Home » දායකවීම

මෙහි සඳහන් ස්වේච්ඡා ප්‍රයත්නයන් මුළුමනින්ම පොදු යහපත උදෙසා කෙරෙන අතර ඒ සඳහා ඔබගේ දායකත්වය අපි මහත් අගය කොට සලකන්නෙමු.
විශේෂයෙන්ම ළඟදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර තොරතුරු ලබාගත යුතුව ඇති බැවින් ඔබගේ සහයෝගයන් පහත සඳහන් ආකාරවලින් ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

-කලින් තෝරාගත් මාතෘකාවට අදාලව මුල් ලිපි ලිවීම හෝ වෙනත් වෙබ් අඩවි වලට ලියන ලද ලිපි වල පිටපත් ලබා දීම.
-දැනට පවතින ලිපි සඳහා අදහස් දැක්වීම.
-වෙබ් මෙවලම් සංවර්ධනය සඳහා තාක්ෂණික සහය ලබාදීම.
-සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තනය
– මෙයට ආදාලව මගහැරිගිය මාතෘකා පිළිබඳව ස්වේච්ඡාවෙන් ලිවීම.
-මෙම පළවීම ප්‍රචාරයට ඔබගේ සහය ලබාදීම.

භාෂා පරිවර්තකයන්, මෘදුකාංක ක්‍රමලේඛකරුවන්, වීඩියෝ සංස්කාරකවරුන්, සමාජ ජාල අධීක්ෂණ විශේෂඥයන්ගේ දායකත්වය අපේක්ෂා කෙරේ.

ලිවීම හා විමර්ශනය: ලිවීමට හැකියාවක් ඇති පුද්ගලයන්හට ඒ සඳහා දායක විය හැක. ඉහත භාෂාවලින් යතුරු ලියනය කිරීමට නොහැකි නම් ප්‍රකාශනයට නියමිත ලිපි සඳහා අදහස් දැක්වීමට අවස්ථාව ඇත.

දෝෂයන් නිවැරදි කිරීම: දෝෂයන් නිවැරදි කිරීම සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑල හරහා අපව දැනුවත් කිරීම.

අදහස් දැක්වීම: සෑම ලිපියක් අවසානයේම ඇති කමෙන්ට් බොක්ස් තුල ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ලිපි සඳහා අදහස් දැක්විය හැක. අවශ්‍ය නම් යුනිකෝඩ් අක්ෂර ද භාවිත කල හැක. ඔබගේ අදහස් මධ්‍යස්ථ විය යුතු මෙන්ම අහිතකර හෝ අදාල නොවන අන්තර්ගතයන් ඇතුලත් නොවිය යුතු අතර එවැනි අදහස් ඉවත් කිරීමේ අයිතිය අප සතුය.
ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය අවශ්‍ය වූවත් එය ප්‍රදර්ශනය නොකෙරෙනු ඇත.

දායකවීම: දත්ත විශ්ලේෂණය, දත්ත නිරූපණය හෝ එයට අදාල නවීන ක්‍රමවේදයන් අඩංගු, ඕනෑම ජාතික භාෂාවකින් ලියවුණු ලිපි භාරගැනීම. වෙනත් අය විසින් ලියන ලද ලිපි පල කරන්නෙ නම් කතුවරයාගේ‍ නමට අමතරව ඔබගේ නම ද සඳහන් කිරීමට අපි වග බලාගන්නෙමු. කෙසේ වුවද අවශ්‍ය වුවහොත් අපගේ ඉල්ලීම පරිදි එම ලිපි වලට අදාල දත්ත විශ්ලේෂණයන්ගේ නිරවද්‍යතාවය පැහැදිලි කරගැනීම පිණිස, තොරතුරු අප වෙත ලබාදිය යුතුය.ඔබගේ ලිපි සහ අදහස් පහත විද්‍යුත් ලිපිනයට එවිය හැක. (slelecta@gmail.com )

භාෂා පරිවර්තනය: සියළු දෙනාහට කියවීමට පහසුවන පරිදි ජාතික භාෂා අතර පරිවර්තනය සඳහා ස්වේච්ඡා දායකත්වය අපේක්ෂා කරමු.

මෘදුකාංග ක්‍රමලේඛකරුවන්:
-වෙබ් ක්‍රමලේඛකරණය
-භූගෝලීය තොරතුරු පද්ධති
-දත්ත නිරූපණ ක්‍රමලේඛකරණය
-ග්‍රැෆික් නිර්මාණකරණය
-වර්ඩ්ප්‍රෙස්
ඉහත සඳහන් ක්ෂේත්‍රයන්හි ඔබ නිපුණයෙකු නම් ඒ සඳහා ස්වේච්ඡා දායකත්වය ලබා දිය හැකිනම් අපි එය අගය කොට සලකන්නෙමු. ඊට අමතරව පලපුරුද්ද නොමැති වුවද අභියෝග ජය ගැනීමේ හැකියාව සහ උත්සාහයෙන් ඉගෙනීමේ කැමැත්ත ඔබ සතු නම්, අප‍ගේ විශේෂඥයන්ගේ සහය ඔබහට ලබාදිය හැක.

සමාජ ජාල ප්‍රවර්ධනය සහ අධීක්ෂණය: සඳහා සහය ලබා දෙන මෙන් ඔබහට ඇරයුම් කෙරේ.

වීඩියෝ සංස්කාරකවරුන්: මෙම මාතෘකාවට අදාල කෙටි වීඩියෝපට නිෂ්පාදනය සඳහා ආරාධනා කෙරේ. එම නිෂ්පාදනයන් සඳහා අපගේ සහයෝගය ද ලබා දිය හැක.

ප්‍රකාශනය: මෙම වෙබ් අඩවියෙහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ඔබගේ මිතුරන් ද දැනුවත් කරන්න. වෙබ් අඩවියට අමතරව ෆේස්බුක්, ට්විටර්, විද්‍යුත් පණිවිඩ සේවාවන් ද අප සතුව පවතී. මෙහි අන්තර්ගතයන් සහ බ්ලොග් අඩවි තුලින් දැනුවත් කිරීම කල හැකි නම් එය ද අපි අගය කොට සලකමු. එවැනි සඳහන් කිරීම් පිළිබඳව අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා භාවිතා කරන විද්‍යුත් තැපැල් ලිපිනයන්ගේ ලැයිස්තුවක් ද අප වෙත එවන මෙන් ඉල්ලා සිටිමු.

දත්ත විද්‍යාව: ඔබගේ අදහස් හා ලිපි අපි සාදරයෙන් පිලිගන්නෙමු.

අපව අමතන්න- slelecta@gmail.com

ඉදිකිරීම් යටතේ වෙබ් අඩවිය

WEBSITE UNDER CONSTRUCTION ඉදිකිරීම් යටතේ වෙබ් අඩවිය

Connect With Us

Visit Us On TwitterVisit Us On Facebook

Sign Up For Updates

Opinions

ලේඛනාගාරය

Skip to toolbar