Home » උපදේශකයින්

උපදේශක මණ්ඩලය

මෙහි සංඛ්‍යාලේඛනාත්මක, සංඛ්‍යාත්මක ගණනය කිරීම්, භාෂාත්මක හා අර්ථ විවරණීය කාර්යයන් සම්බන්ධයෙන් උපදෙස් දීම හා මග පෙන්වීම සඳහා විශිෂ්ට උපදේශක මණ්ඩලයක් සතු කරගැනීමට අපි වාසනාවන්ත වීමු. දැනටමත් කරගෙන යනු ලබන කාර්යයන් සඳහා දායකත්වය ලබා දීමට අමතරව අනාගතයේදීත් අඛණ්ඩව​ සහය දීමට​ ඔවුන් කාරුණික වී ඇත.

අපේ උපදේශකයින් මෙහි අන්තර්ගතය පිළිබඳව කිසිසේත්ම​ වගකිව යුතු නොවේ.

මහාචාර්ය එන්. අසෝකන්– පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ආල්ටෝ විශ්ව විද්‍යාලය හා හෙල්සින්කි විශ්ව විද්‍යාලය,ෆින්ලන්තය 

Asokan

 

 

අසෝකන් විශේෂයෙන්ම ජංගම උපකරණ ඇතුළු පරිගණක පද්ධතීන්ගේ සුරක්‍ෂිතභාවය පිළිබඳව පර්යේෂණ පැවැත්වීම හා උගැන්වීම සිදුකරයි. මීට පෙර ඔහු නොකියා හා අයිබීඑම් ආයතනයන්හි පර්යේෂකයකු ලෙස සේවය කර ඇත. ඔහු කැනඩාවේ වෝටර්ලූ, එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි සිරකියුස් යන විශ්ව විද්‍යාලයයන්හි හා ඛරාග්පූර් තොරතුරු තාක්‍ෂණ ආයතනයෙහි අධ්‍යාපනය ලැබූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි එක් වර්ෂයක අධ්‍යාපනය ලබා ඇත​.

`
මහාචාර්ය අජිත් ගුණරත්න– ගණිත අංශය, ෆ්ලොරිඩා කෘෂි හා යාන්ත්‍රික විශ්ව විද්‍යාලය, ටොලහසී ෆ්ලොරිඩා, ඇමෙරිකා එක්සත් ජනපදය.
ajith2

 

මහාචාර්ය ගුණරත්න ව්‍යවහාරික ගණිතය හා පරිගණක විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වමින් එම විෂයයන් උගන්වයි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවාහි අමේස් අයෝවා රාජ්‍ය විශ්ව විද්‍යාලයේදී සිය උපාධි අධ්‍යාපනය ලැබූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේදී උපාධි අපේක්‍ෂක අධ්‍යාපනය හැදෑරුවේය. මීට පෙර​ ඔහු මූලික අධ්‍යාපන ආයතනයට හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයට සම්බන්ධව කටයුතු කර ඇත​.

 

නීල් දේවදාසන් මහතා– අධ්‍යක්‍ෂ, පෝලිස් මධ්‍යස්ථානය, ඉන්ඩියානාපෝලිස්හි ඉන්ඩියානා විශ්ව විද්‍යාලයය පර්ඩියු විශ්ව විද්‍යාලයය ඉන්ඩියානා, ඇමෙරිකා එක්සත් ජනපදය.
niel-davadasan2

 

දේවදාසන් ප්‍රජා තොරතුරු පද්ධති හා සමාජ විද්‍යා සඳහා පරිගණක මෘදුකාංග නිර්මාණය සහ සංවර්ධනය සිදු කරයි. ඔහු සමාජ වත්කම් හා දුර්වලතා දර්ශක ව්‍යාපෘතිය සඳහා කාර්යාලීය දත්ත සැකසීම සඳහා සහාය ලබාදී ඇත. දේවදාසන් මධ්‍යම ඉන්ඩියානා පුරවැසියන් සඳහා අන්තර් ක්‍රියාකාරී ප්‍රජා තොරතුරු පද්ධතිය සංවර්ධනය කර ඇත (සවි) (http://www.savi.org). ඔහු සිය පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරුවේ අයියුපියුඅයි හි වන අතර නිෂ්පාදන ඉංජිනේරු ශිල්පය පිළිබඳ උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් ලබාගත්තේය. ඔහු ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයේ 2005-2006 වසරේදී පැවැත්වුණු රොයිටර් ඩිජිටල් දර්ශන අධිශිෂ්‍යත්ව වැඩසටහනේ ජාත්‍යන්තර​ අධිශිෂ්‍යයන් පහළොස්දෙනාගෙන් එක් අයෙක් විය.

 

ආචාර්ය සංජීව මෛත්‍රීපාල– යාන්ත්‍රික ඉන්ජිනේරු අංශය පේරාදෙණිය විශ්ව විද්‍යාලයය. 

sanjeewa1

 

 

නැනෝ තාක්‍ෂණවේදයේ, රොබෝ විද්‍යාවේ හා ව්‍යවහාරික ගණිතයේ පැතිකඩයන් පිළිබඳව විශේෂඥතාවය මෛත්‍රීපාල සතුව ඇත. ඔහු සිය පශ්චාත් උපාධිය ටෙක්සාස් තාක්‍ෂණවේද විශ්ව විද්‍යාලයයේදී හැදෑරූ අතර නිෂ්පාදන ඉංජිනේරු ශිල්පය හා ගණිතය පිළිබඳ උපාධිය හා උසස් උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් ලබාගත්තේය .

 

 

ඉදිකිරීම් යටතේ වෙබ් අඩවිය

WEBSITE UNDER CONSTRUCTION ඉදිකිරීම් යටතේ වෙබ් අඩවිය

Connect With Us

Visit Us On TwitterVisit Us On Facebook

Sign Up For Updates

Opinions

ලේඛනාගාරය

Skip to toolbar